ඇමැති දයාසිරිගේ ආශ්‍රිතයන් 75ක් නිරෝධායනයේ….! ආශ්‍රිතයන් අතර භික්ෂූන් වහන්සේ ලා පස් නමක්…!

January 9, 2021 at 8:26 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන බතික්, අත්යන්ත්‍ර, රෙදිපිළි, දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරගේ සමීප ආශ්‍රිතයන් ලෙස ස්වාමීන් වහන්සේලා 05 නමක් ඇතුළුව හෙට්ටිපොළ කාර්යාල මහජන දිනයට සහභාගි වූ හා ආශ්‍රිතයන් 75දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කල බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙම පිරිසට අවශ්‍ය උපදෙස් ලබා දී ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට ලක් කර ඇති බව ද ඔවුන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව ද සෞඛ්‍ය අංශ සඳහන් කළේ ය.

ඊට අමතරව අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් ද ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේ ය.

හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ හෙට්ටිපොළ පොලිසිය එක්ව සිද්ධියට සම්බන්ධ සමීප ආශ්‍රිතයන් සොයා තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව ද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *