මහ බැංකුව කැඩුවේ මම නෙමේ, මෛත්‍රීපාල සිරිසේන! නිර්දෝෂී මා අත්අඩංගුවට ගැනීම කුමන්ත්‍රණයක්! – රවී…

March 4, 2020 at 11:11 pm | by emanisa.lk

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගකීම භාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

මෛත්‍රීපාල සිරිසේන නිකරුණේ තමන්ට චෝදනා කළ බවත් එහිදී තමන් වැරදි නම් නීති මාර්ගයෙන් කටයුතු කරන ලෙස එදා ඉල්ලා සිටි බවත් හෙතෙම අවධාරණය කරයි.

එම නීති කටයුතු කල් දමමින් සිට පාර්ලිමේන්තු මැතිවරණය ළං වූ පසු පාර්ලිමේන්තුව විසිරුවා හැරි දිනයේම තමන්ට වරෙන්තු නිකුත් කිරීම කුමන්ත්‍රණයක් බව රවී කරුණානායක පවසයි.

මේ වන විට ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණ ද මෙතෙක් ඔහු අත්අඩංගුවට ගෙන නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස