රඹුක්කන ගැටුමින් 11කට තුවාලයි…! අයෙක් මරුට..!

April 19, 2022 at 7:40 pm | by emanisa.lk

රඹුක්කන නගරයේ සිදුවූ උණුසුම්කාරී තත්ත්වය අතරතුර එක් අයකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.

තුවාල ලැබූ 11 දෙනකු කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය සඳහන් කරයි. මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදාව කඳවා ඇත.

පැය 15කට අධික කාලයක් දුම්රිය මාර්ගය වසා සිටි පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය උද්ඝෝෂකයන්ට කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර ඒ අවස්ථාවේ පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

ඒ අතර තුර වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවට වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *