මහබැංකු හොරුන්ට දඬුවම් ඉල්ලා නන්දාත් ගාලු මුවදොර අරගල පිටියට…!

April 12, 2022 at 4:58 pm | by emanisa.lk

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියෙහි ආරම්භ කළ විරෝධතාවට අද (12) ප්‍රවීණ ගායන ශිල්පීනී නන්දා මාලනී, මහාචාර්ය සුනිල් ආරියරත්න, බුද්ධදාස ගලප්පත්ති ඇතුළු ප්‍රවීණ කලාකරුවෝ කිහිප දෙනෙක් එක්ව සිටියහ.

එහිදී සුනිල් ආරියරත්න හා නන්දා මාලනී ජන අරගලයට සහාය වෙමින් උද්ඝෝෂණයේ යෙදුණු අතර නන්දා මාලනී ගීතයක් ද ගායනා කළාය.

මහ බැංකුව කොල්ලකෑ නඩයට දේශපාලන පක්ෂ භේදයකින් තොරව දඬුවම් පමුණුවනු! යනුවෙන් සඳහන් පුවරුවක් නන්දා මාලනී ප්‍රදර්ශනය කරමින් විරෝධතාවට එකතු වූවාය.

88-89 යුගයේ නන්දා මාලනීගේ පවන ආදී ගීත ඇල්බම තරුණ පිරිස අතර මහත් ජනප්‍රියත්වයක් දිනාගත්තේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *