ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යංශයට ඩොලර් මිලියන 230ක් ලබා දී ඇති බවට එජාප නායක රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය අසත්‍යයක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
කොරෝනා මර්දන කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එහි ලංකා ශාඛාවට ඩොලර් මිලියන 1.9ක් ලබා දී තිබේ.
එම මුදලින් ඩොලර් 855 869ක් සෞඛ්‍ය අමාත්‍යංශය දියත් කළ කොරෝනා මර්දන වැඩසටහන්වලට එම ශාඛාව යොදවා ඇති අතර ඉතිරි මුදලද මෙරට කොරෝනා මර්දන කටයුතුවලට යෙදවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පොරොන්දු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩි දුරටත් පෙන්වා දෙයි.