රනිල් කියන්නේ බොරු! WHO දුන්නේ ඩොලර් මිලියන 1.9යි! එම මුදලත් WHO ලංකා ශාඛාවට!

June 11, 2020 at 5:40 pm | by emanisa.lk

ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යංශයට ඩොලර් මිලියන 230ක් ලබා දී ඇති බවට එජාප නායක රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය අසත්‍යයක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොරෝනා මර්දන කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එහි ලංකා ශාඛාවට ඩොලර් මිලියන 1.9ක්  ලබා දී තිබේ.

එම මුදලින් ඩොලර් 855 869ක් සෞඛ්‍ය අමාත්‍යංශය දියත් කළ ⁣කොරෝනා මර්දන වැඩසටහන්වලට එම ශාඛාව යොදවා ඇති අතර ඉතිරි මුදලද මෙරට කොරෝනා මර්දන කටයුතුවලට යෙදවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පොරොන්දු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස