රනිල්ගේ ආණ්ඩුව නැඟෙනහිර ජැටිය විකුණන්න එරෙහි වුණා…! මේ ආණ්ඩුව ඒකත් විකුණන්න හදන්නේ…!- මනූෂ…

January 24, 2021 at 2:36 pm | by emanisa.lk

යහපාලන ආණ්ඩුව සමයේ ද කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමේ යෝජනාවක් පැමිණි බව මනූෂ නානායක්කාර පවසයි.

එහෙත් එවක අගමැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ සඳහා එකඟ නොවූ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හෙළි කරයි.

එහෙත් ජාතික සම්පත් විකිණීම වැරදිය යැයි පවසමින් බලයට පැමිණි වර්තමාන ආණ්ඩුව ඒවා විකිණීම සඳහා සැලසුම් කරමින් ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

විකුණන්නේ නැතැයි ආයෝජනය කරනවා යැයි කීවා ද සිදුවන්නේ විකිණීමක් බව ඔහු සඳහන් කරයි.

නැඟෙනහිර ජැටියත් සමඟ ම ආණ්ඩුවේ විනාශය ආරම්භ වන බව ද මනූෂ නානායක්කාර අවධාරණය කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස