රතන හිමියි දේශබන්දුයි මා පැහැරගෙන මුහුදේ ගිල්වා මරන්න හැදුවා…! බලහත්කාරයෙන් ගත් මන්ත්‍රී අසුන ඥානසාර හිමිට දෙනු…! – අපේ ජනබල හිටපු ලේකම් හිමි මාධ්‍ය හමුවක…

July 22, 2021 at 11:55 am | by emanisa.lk

අපේ ජනබල පක්ෂයට හිමි වූ මන්ත්‍රී ධූරය අතුරලියේ රතන හිමි සහ දේශබන්දු තෙන්නකෝන් විසින් පැහැර ගැනීම නිසා 67 දහසක් ජනතාවගේ බලාපොරොත්තු සුන් වූ බව එම පක්ෂයේ හිටපු ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි පවසයි.

අපේ ජනබල පක්ෂයට හිමි වූ ඡන්දවලින් 2/3ක් හිමි වූයේ ගලගොඩඅත්තේ ඥානසාරි හිමිට බවත් එහෙයින් මන්ත්‍රී ධූරය හිමි විය යුත්තේ උන් වහන්සේට බවත් එහිමියෝ අවධාරණය කරති.

තමා පැහැරගෙන ගොස් දින 04ක් වතුර පොදක් පවා නොදී නිරාහාරව තැබූ බවත් හික්කඩුවෙන් සහ කොල්ලුපිටියෙන් මුහුදේ ගිල්වීමට සැලසුම් කළ ද ලේකම් හිමි ලෙස තමා මළහොත් මන්ත්‍රී ධූරය ලබා ගත නොහැකි වන නිසා මරා නොදැමූ බවත් එහිමියෝ හෙළි කරති.

මෙම කුමන්ත්‍රණයට කොළඹ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොල්ලුපිටියේ පොලිස් ස්ථානාධිපති මෙන් ම ටිරාන් අලස් ද සම්බන්ධ බවත් තමා රැගෙන ගොස් ලිපි ලේඛනවලට බලහත්කාරයෙන් අත්සන් ලබා ගත්තේ අලස්ගේ නිවසේ දී බවත් වේදිනිගම හිමි වැඩි දුරටත් සඳහන් කරයි.

අතුරලියේ රතන හිමි ජාතිය පාවා දුන් බවටත් වහා ම මෙම මන්ත්‍රි ධූරය ලබා දී වරද නිවැරදි කළ යුතු බවටත් එහිමියෝ ප්‍රකාශ කරති. මෙම මාධ්‍ය හමුව පැවැත්වීම නිසා තමන්ගේ ජීවිතය නැවත අනතුරේ වැටෙන බවත් ජීවිතය අහිමි වුව ද තමා යුක්තිය උදෙසා පෙනී සිටින බවත් වේදිනිගම හිමි අවධාරණය කරයි.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස