රට ෆෙඩරල් කළා නම් අද දෙමළ ජනතාව සතුටින්! – එරික් සොල්හයිම්

August 29, 2020 at 10:44 am | by emanisa.lk

1991 මැයි මස ඉන්දියාවේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදාගෙන අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනය කිරීමට අණ දුන්නේ එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් යැයි නෝර්වේජියානු හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් අනාවරණය කළේය.

ප්‍රභාකරන් ගාන්ධිව ඝාතනය කළ බව ඇන්ටන් බාලසිංහම් පෞද්ගලික සාකච්ඡාවකදී තමාට කියූ බවත්, බාලසිංහම් තමාට බොරු නොකියන බවත් සෝල්හයිම් මේ අනාවරණය සිදු කරමින් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා තිබේ.

මේ සම්බන්ධව ට්වීටර් පණිවිඩ පෙළක්ම නිකුත් කර ඇති සෝල්හයිම්, සාම සාකච්ඡාවක් පැවැත්වීමට අපොහොසත් වීම ගැනත්, දෙමළ සිවිල් ජනයා ඉවත් කිරීමට ඉඩ නොදීමත් ගැන ප්‍රභාකරන්ට දොස් පවරා ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාව අවිනිශ්චිත ලෙස බෝම්බ සහ ෂෙල් වෙඩි හෙලීමෙන් සිවිල් ජනයා මිය ගිය බවත් පවසා ඇති සෝල්හයිම් වැඩිදුරටත් අදහස් පළ කරමින් අමෙරිකාව, චීනය, යුරෝපා සංගමය හෝ වෙනත් කිසිවකු ෆෙඩරල් විසඳුමක් ගෙන ඒමට කටයුතු නොකළ බවත් එසේ වූයේ නම් දෙමළ ජනතාව සතුටින් සිටින බවත් වැඩිදුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස