උතුරු නැඟෙනහිර එකතුකර ෆෙඩරල් ඕන! – දෙමළ ජාතික සන්ධානය

July 20, 2020 at 6:45 am | by emanisa.lk

උතරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණන අයිතිය සහිත ෆෙඩරල් පාලනයක් ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසඳුම් වශයෙන් ලබාදීමට කැපවෙන බව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරයි.

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙමළ ජනතාවගේ අකමැත්ත මත ගෙන ආවක් බවත් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ජාතික ගැටළුවට විසඳුම් හිමිවන, ජාතික සංහිඳියාව හා සමගිය ප්‍රවර්ධනය වන ආකාරයේ නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේනම් පමණක් ඊට සහයදීමට සූදානම් යැයිද දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය විසින් සකස් කරන ලද මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ තුනේම එකගතාවය මත යාපනයේ පිහිටි ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී ඊයේ (18) එළිදක්වනු ලැබිණි. මෙම කරුණු එහි සඳහන්ව ඇත.

එ ප්‍රකාශය තුළින් තවත් ඉල්ලීම් කිහිපයක්ම අවධාරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස