රට ම අර්බුදයක ගිලෙද්දි මන්ත්‍රීලට හොර පාරෙන් වාහන ගෙන ඒම නින්දිතයි; තුච්ඡයි…..! – ශිරාල් ලක්තිලක

May 24, 2021 at 4:50 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පිහිට වූ 43 වන සේනාංකයේ ප්‍රධානියෙකු වන හිටපු ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකි.

එන්නත ගන්න විදේශ විනිමය නැති වෙලාවෙ මන්ත්‍රී වරුන්ට සැප කාර් හොර පාරෙන් ගෙන ඒමට කටයුතු කිරිම කැතයි, නින්දිතයි, තුච්ඡයි!

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් පවරා ඇති ක්ෂේත්‍ර සංවර්ධන අධීක්ෂණ කටයුතුවල දී ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා ජීප් රථ ලබා දීමට මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව අරුණ වෙබ් අඩවිය වාර්තා කරනවා.

මෙම කරුණ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්නේ අපුරු අයුරකටය; එනම් කෂේත්‍ර කටයුතු සඳහා වාහන මිල දී ගැනීම: යන මැයෙන් ඉදිරිපත් කරන යෝජනාවට තර්කය ඉදිරිපත් කරන්නේ මෙලෙසටය; සංවර්ධන වයාපෘතීන් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා කෘකර්ම, වාරිමාර්ග, ඉඩම්, වනජීවි යන ක්ෂේත්‍රවල සංවර්ධන කටයුතු හා පවතින ගැටලු හැකි ඉක්මණින් අවසන් කළ යුතුව ඇතත්, ඒම සැපයීම සඳහා දැනට පවතින වාහන ප්‍රමාණවත් නොවීම හා පවතින වාහන බොහොමයක් පැරණි ඒවා වීම යනාදී කාරණා උක්ත සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වා යගන යාමට බාධාවක් වී ඇති බව නිරීක්ෂණය වී ඇත.

එමෙන්ම, පාර්ලියේන්තු මන්ත්‍රීවරුන්යේ ක්ෂ්ත්‍ර කටයුතු සඳහා පවතින වාහන අවශ්‍යතා සම්බන්ධයෙනන් ගරු කථානායකතුමා විසින් කර ඇති ඉල්ලීමට අනුව එම මන්ත්‍රීවරුන් විසින් මුදල් ගෙවීමේ පදනම යටයත් වාහන ලබා දීමට ද රජයේ අවධානය යයාමු වී ඇත. එම අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ගිලන්රථ 50ක්, වතුර බවුසර් 50ක්, ඩබල් කැබ් 50ක් හා නවක පාර්ලියේන්තු මන්ත්‍රීවරුන්යේ භාවිතය සඳහා ජිප් රථ ද ආනයනය කිරීමට අවශ්‍යව ඇත.

එලෙස ඇනවුම් කරන ජීප් රථ ප්‍රමානය කොපමණදැයි කියන්නේ නැත. අනෙක් වාහන ප්‍රමාණය නිශ්චිතය. සැබැවින් ම අපගේ පාලකයන් තමන්ගේ ම රට සහ ජනතාව පිළිබඳව සිතන පතන ආකාරය පිළිබඳව වැඩිමනත් උපහැරණ තව දුරටත් අවශ්‍ය නොවේ. මහ බැංකුව කියනා පරිදි අප උග්‍ර විදේශ විනිමය සංචිත අර්බුදයකට මුහුන දෙමින් සිටී.

2021 වන විට අප සතුව ඇති විදේශ සංචිතය ඩොලර් බිලියන 4 කි. එන ජුනි මාසය අග දී ඉන් ඩොලර් බිලියන 2 යොදවා විදේශ නය පියවිය යුතුව තිබේ. එවිට ඉතුරු වන්නේ තවන් ඩොලර් බිලියන 2කි. එය ද සැප්තැම්බර් මස අග වන විට දී තවත් විදේශ ණය පොලියකට හිලව් කළ යුතුව තිබ. කොවිඩ් වසංගතය නිසා අපනයන ආදායම සිමා වි ඇති අතර විදේශ ශ්‍රමිකයන්ගේ ආදායම ද අඩුවි තිබේ.

අපට කොවිඩ් එන්නත නිසි කලට ඇනවුම් කර ගැනීමට නොහැකි වුයේ ද මෙකී විදේශ විනිමය අර්බුදය නිසාය. එවන් පසු බිමක තරුණ මන්ත්‍රිවරුන්ට වාහන ආනයනය කොට ලිසිං පදනමට ලබා දෙනවාය යන මහා බොරුව මා දකින්නේ රට ගැන කිසිදු හැඟීමක් නැති මෙරට ලේ මාපිලුන් ගේ පරම්පරාවෙන් පැවත එන දේශපාලඤයන්ගේ තවත් පාදඩ නිහීන ක්‍රියාවක් ලෙසටය.

ජනතාව දුක් විඳිද්දී ඒ පිළිබඳ කිසිදු සහකම්පනයක් නැති මේ රටේ පක්ෂ විපක්ෂ දේශපාලන පංතිය හා ඔවුන්ගේ ප්‍රෝඩාකාරි රංගන දේශපාලනය මෙරටින් අතුගා දැමීමට කාලය පැමිණ තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස