මන්ත්‍රීලා බස් එකේ යද්දී ලේකම්ලා V8 එකේ වැඩට යනවා….! මන්ත්‍රීවරුන්ට දැන්වත් වාහන දීම හරියට හරි…! – මහින්ද පතිරණ…

May 24, 2021 at 2:22 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ තැබූ ෆේස්බුක් සටහනකි.

“මම දන්න තරමට බස් එකේ කොළඹ එන පක්ෂ විපක්ෂ නවක මන්ත්‍රීවරු ඉන්නවා. ඒ අය කියන්නෙ ඒ අයට එක්කෝ වෙනදට දුන්න පර්මිට් එක දෙන්න, නැත්නම් රජය ගානෙ වාහනයක් දෙන්න කියල.

නැත්නම් කොහොම ද තමන්ගේ රාජකාරිය කරන්නෙ? අමාත්‍යාංශ ලේකම්වරයා, අතිරේක ලේකම්වරයා V8 එකේ එනවා, මන්ත්‍රී ටැක්සියෙ. රජයේ නිලධාරීන් ඇතුළු සියලු දෙනා රජයේ වාහන පාවිච්චි කරද්දි මන්ත්‍රීවරුන්ට වාහනයක යන්න අයිතිය නැතිද?

නීතියට අනුව මන්ත්‍රීවරයෙකුට වාහනයක් දෙන්න ඕන. ඒක ඔවුන්ගේ අයිතියක්. පර්මිට් දුන්නාම ගොඩක් අය කරන්නෙ විකුණන එක. ඒ හින්ද ඒ දුෂණයත් නතර කරන්න රජයෙන් වාහනය දෙනවා, අවුරුදු පහෙන් යන කොට ආපහු ආණ්ඩුවට බාර දීල යන්න ඕන. මේක පොදුවේ රටට වාහන ගෙන්වීමත් එක්ක පටල ගන්න එපා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *