හරිනි වාහන පර්මිට් එක එපා කී කතාව පට්ට බොරුවක්! අපි කවදාවත් එහෙම කරන්නේ නෑ! – ජාජබ

September 22, 2020 at 7:33 am | by emanisa.lk

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය සිය තීරු බදු රහිත වාහන බලපත්‍රය ප්‍රතික්ෂේප කළ බවට පළවන වාර්තා පට්ටපල් බොරු බව එම පක්ෂයේ නිරූපා සේරසිංහ පවසයි.

පසුගිය දිනවල හරිනි ජනතා බදු මුදල්වලින් ලබා දෙන තීරු බදු රහිත වාහන බලපත්‍රය එපා යැයි කී බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ අතර ඒ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ සමාජමාධ්‍ය කණ්ඩායම් ඉහළින් වර්ණනා කර තිබිණි.

කෙසේ වුවද නිරූපා සේරසිංහ ෆේස්බුක් සටහනක් තබමින් පවසන්නේ මේ පිළිබඳ තමා හරිනිගෙන් විමසූ බවත් ඇය එවැනි ප්‍රකාශයක් කර නොමැති අතර වාහන බලපත්‍රය පිළිබඳ ජාතික ජනබලවේගය තීන්දුවක් ගනු ඇති බවය.

නිරූපා සේරසිංහ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක ලෙස පසුගිය මහා මැතිවරණයට තරඟ කර පරාජයට පත්වූවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස