පොල් ගෙඩියක් රු. 100යි! මන්ත්‍රීලට වාහන පර්මිට් එපා! – හෙළ උරුමය

September 18, 2020 at 1:46 pm | by emanisa.lk

ජාතික හෙළ උරුමයට සම්බන්ධ හෙළ⁣ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යවන ලද ලිපියක් පහත දැක්වෙයි.

ගරු ජනාධිපතිතුමා 2020.09.18

ජනාධිපති කර්යාලය.

කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි.

නවක මන්ත්‍රින් 79 දෙනාට තීරු බදු රහිත වාහන බලපත්‍ර

ලබාදීම ගැන නැවත සලකා බලන්න.

2020 පාර්ලිමේන්තුවට පත්වු නවක මන්ත්‍රිවරුන් 79 දෙනකුට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දිමට ඔබ රජයේ රාජ්‍ය පරිපාලන හා කළමනාකරන අමාත්‍යංශ කටයුතු කරගෙන යන බව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් දැනගන්න ලැබිණි.මෙම තීරුබදු රහිත වහාන බලපත්‍රය කෝටි 3 කට අසාන්න බව ද සදහන් වෙයි.

ඔබ රජයේ ඇතැම් කැබිනට් ඇමැතිවරුන් ජනතාවට බඩුමිල සම්බන්ධයෙන් කෙටිකාලීන සහනයක් දිය නොහැකි බව දැනටමත් ප්‍රකාශ කර ඇත. ජනතාවගේ අත්‍ය අවශ්‍ය දෛනික ආහාර ද්‍රව්‍යවල මිළ ඉහල ගොස් ඇත. ඒ අතර සීනි කිලෝ එකක මිළ රුපියල් 145ක් වෙයි. පොල්ගෙඩියක් රු.100 කට ගත නොහැකි ජනතාව පොල්ගෙඩියේ භාගයක් අරගෙන යයි. හාල් පරිප්පු වැනි අහාර ද්‍රව්‍ය ඉහළ ගොස් ඇති බව ඔබ නොදන්නා කරුණක් නොවේ. එවැනි අවස්ථාවක දි ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන්ට සහන මිලට වහන බලපත්‍ර නිකුත් කිරිම කොපමණ දුරට යුක්ති සහගත ද යන්න නැවැත සලකා බලන ලෙස ඉල්ලා සිටින්නට කැමැතෙමි.

මෙම අවුරුද්දට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබා දෙන විමධ්‍යගත මුදල් ද ලබා දි නැත. එවැනි මුදල් ප්‍රමාණයක් ලබා දුන්නේ නම් තම ජනතාවට කිසියම් උපාකරයක් කර ජනතාව නගා සිටුවිමේ වැඩ සටහනක් කළ හැකිව තිබිණි.එසේ නොමැතිව මන්ත්‍රිවරුන්ගේ සුභ සාධනයට වඩා ජනතාට සහන දෙන ක්‍රමයටක යායුතුව ඇත. දැනට කොරෝනා වෛරසය නිසා ලක්ෂ 3කට ආසන්න පිරිසකට රැකියා අහිමි වි ඇති අතර ඇතැම් කර්මාන්ත ශාලාවල සේවය කරන පිරිස් සදහා තම වැටුපෙන් භාගයක් ලැබෙන තත්වයට කර්මාන්ත ශාලා වැටි ඇත.එම නිසා නවක මන්ත්‍රිවරුන්ට ලබා දෙන්නට සැළසුම් කර ඇති තීරුබදු රහිත වාහන බලපත්‍ර දැනට ලබා නොදෙන ලෙස ජනතාව වෙනුවෙන් ඉතා ඕනැ කමින් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි

සසුන්ලැදි

බුදුගල ජිනවංස හිමි

සභාපති

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස