රට පුරා අන්තවාදී මුස්ලිම් සංවිධාන 20ක්! ඒ වටා අන්තවාදයෙන් මොළ සේදු තරුණයන් 20 000ක්!

June 2, 2019 at 1:39 am | by admin

ශ්‍රී ලංකාවේ මේ වන විට තවුහිද් ජමාත් වැනි අන්තවාදී මුස්ලිම් සංවිධාන 15-20ක් පමණ ක්‍රියාත්මක වන බවත් ඒවාට සම්බන්ධ රැඩිකල් අන්තවාදී මතවාදවලට ගොදුරු වූ තරුණයන් විසි දහසක් පමණ සිටින බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආන්තික අධීක්ෂණ කාරක සභාවට වාර්තා වී ඇති අතර ඔවුන් පුනරුත්ථාපනය කරන ආකාරය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

මෙම පුනරුත්ථාපන වැඩ සටහන්වල ව්‍යුහය සහ එය ක්‍රියාත්මක කරන ආකාරය ද පාස්කු ප්‍රහාරයට පසු මතුව ඇති තත්ත්වයට මුහුණ දෙන ආකාරය ද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත. ආරක්ෂක අංශ ප්‍රධානීන්, විවිධ අමාත්‍යංශවල උසස් නිලධාරීන් ඇතුළු විශේෂඥ පිරිසකගේ සහභාගීත්වයෙන් මේ දිනවල පාර්ලිමේන්තු ආන්තික අධීක්ෂණ කාරක සභාව රැස්වන අතර එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස