රටට ම බලෙන් හලාල් කවමින් හැමදාම 05 වතාවක් මුස්ලිම් ආගම බලහත්කාරයෙන් ඇස්සවීම සාධාරණ ද? – ගෙවිඳු කුමාරතුංග මුස්ලිම් නායකයින්ගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරයි…

April 2, 2021 at 11:27 pm | by emanisa.lk

විජේදාස රාජපක්ෂ 2016 පමණ පාර්ලිමේන්තුවේ දී මුස්ලිම් අන්තවාදය පිළිබඳ සිදුකළ අනාවරණය ජාතික සමගිය පිළිබඳ කතා කරමින් එම ආණ්ඩුවේ ම මුජිබර් රහුමාන්ලා යටපත් නොකළා නම් පාස්කු ප්‍රහාරයෙන් අහිමි වූ ජිවිත සිය ගණනක් රැකගැනීමට තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.

මෙම අන්තවාදය පිටුපස ප්‍රභූ පවුල්වල දරුවන් පිරිසක් සිටින බව පවා විජේදාස රාජපක්ෂ නිවැරදිව පෙන්වා දුන් බවත් එය යටපත් කිරීමට කටයුතු කිරීම පිළිබඳ කිසියම් හෝ කනගාටුවක් සිය හෘදසාක්ෂියට නොමැති දැයි ගෙවිඳු කුමාරතුංග, මුජිබර් රහුමාන්ගෙන් ප්‍රශ්න කළේ ය.

එසේ ම යහපාලන ආණ්ඩුව සමයේ රජයේ පාසල්වල මුස්ලිම් දරුවන්ගේ පාසල් පෙළපොත්වලට ඉස්ලාම් දහම අත්හරින අයට මරණ දඬුවම ලබා දිය යුතු බව ඇතුළත් කර ඇති බව ද එය පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට යහපාලන ආණ්ඩුව පත්කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව ද පෙන්වා දී ඇති බවත් හෙතෙම අනාවරණය කළේ ය.

සිය දරුවන්ගේ පාසල් පෙළ පොතවත් මේ රටේ මුස්ලිම් නායකයින් දැක නැත්දැයි ඔහු විමසා සිටියේ ය.

තමන් පමණක් හලාල් ආහාර නොකා රටට ම හලාල් කැවීමටත් බෞද්ධ කතෝලික ජනතාව බහුල ප්‍රදේශවල පවා දිනකට 5 වතාවක් දිනපතා ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගෙන සිය ආගම බලහත්කාරයෙන් ඇස්සවීමත් පිළිබඳ මුජිබර් රහුමාන්ගේ මතය කුමක් දැයි ගෙවිඳු කුමාරතුංග ප්‍රශ්න කළේ ය.

විශේෂ ආගමික අවස්ථාවක නම් ආගම ප්‍රචාරය කිරීම ගැටලුවක් නොමැති නමුත් විවිධ ආගමික කණ්ඩායම් සමඟ සහයෝගයෙන් ජීවත් විය යුතු රටක මේවා නියාමනය විය යුතු නැතිදැයි ගෙවිඳු කුමාරතුංග විමසා සිටියේ ය.

ඊයේ (01) රාත්‍රී ස්වර්ණවාහිනී රතුඉර වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස