හලාල් කුරානයට සම්බන්ධ නෑ! එය අලුත් සංකල්පයක්! – උලමා සභාපති (video)

June 12, 2019 at 9:04 pm | by emanisa.lk

හලාල් යනු කුරානය හෝ එවැනි ඉස්ලාමීය ආගමික ග්‍රන්ථයකට අයත් ඉස්ලාමීය ආගමික සංකල්පයක් නොව නව සංකල්පයක් බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්. රිස්වි මවුලවිවරයා පවසයි.

හලාල් මුස්ලිම්වරුන්ට සම්බන්ධ සංකල්පයක් බවත් නව සංකල්පයක් බවත් උලමා සභාපතිවරයා පිළිගත්තේය. එම සහතිකය 2002 වසරේ සිට 2013 දක්වා තම සංවිධානය නිකුත් කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය පිණිස පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ඊයේ (11) සාක්ෂි දෙමින් හෙතෙම මේ බව හෙළිදරව් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස