අපි යහපාලනෙත් එක්ක ආණ්ඩු කළාට උතුරට වැසිකිළි ටිකවත් නෑ ! වැසිකිළි 10ක් හදන්න ආධාර දෙන්න! – සුමන්දිරන්

September 19, 2020 at 11:44 pm | by emanisa.lk

යාපනය දිස්ත්‍රික්කයේ ධර්මපුරම් ගමේ පවුල් 86ක් සඳහා ඇත්තේ වැසිකිළි දෙකක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි.

මේ නිසා ජනතාව මහත් පීඩාවට පත්ව ඇති බවත් ඒ ජනතාවට තවත් වැසිකිළි 10ක් තැනීම සඳහා ආධාර කරන ලෙසත් සුමන්දිරන් සමාජමාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින් ඉල්ලා සිටියි.

එක් වැසිකිළියක් සඳහා රු. ලක්ෂයක් උවමනා අතර සමස්ත ව්‍යාපෘතිය සඳහා රු. මිලියනයක් එකතු කර ගැනීම සඳහා ආධාර කරන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලා ඇත.

ඉදිරි වැසි කාලයට පෙර මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කරන ලෙස ඔහු ඉල්ලා සිටින අතර සිය බැංකු ගිණුම ද ආධාර යොමු කිරීම සඳහා පළකර තිබේ. සුමන්දිරන් මෙම වීඩියෝවේ සුපුරුදු ඉංගිරිසි හෝ දෙමළ බසින් නොව සිංහල බසින් කතා කිරීම ද එම සටහන සිංහල බසින් ලියා තිබීම ද විශේෂත්වයකි.

එම ගිණුම් අංකය පහත දැක්වෙයි.

Name: M. A. Sumanthiran
Account number: 0002324677
Bank: Bank of Ceylon
Branch: Parliamentary Complex
Bank code: 7010
Branch code: 644
Swift key: BCEYLKLX

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස