අධිකරණය ස්වාධීනයි! තීන්දුව අපි පිළිගන්නවා! – සුමන්දිරන්

June 2, 2020 at 4:09 pm | by emanisa.lk

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගවට නොගෙනනම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව තමන් පිළිගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි.

අධිකරණය ස්වාධීන බවත් එහි අපක්ෂපාතීත්වය පිළිබඳ කිසිවෙකුට ප්‍රශ්නයක් නොමැති බවත් ඔහු පවසයි.

ජුනි 20 වන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට එරෙහිව තමා ගොනු කළ පෙත්සම එදින මැතිවරණය නොපවත්වන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණෙට දැනුම් දීමත් සමග තමා ඉල්ලා අස්කරගත් බවත් හෙතෙම සඳහන් කළේය.

ඊට අමතරව පැරණි පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමි 7ක් ගොනුකර තිබූ අතර ඉන් 4ක් සජිත් ප්‍රේමදාසගේ සමග ජල බලවේගයෙන් වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස