රට තුළ ක්‍රියාත්මක වන මත්කුඩු ජාවාරම තමා නියෝජනය කරන කණ්ඩායම බලයට පත්වුවහොත් සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
අද (24) පස්වරුවේ දඹුල්ලේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
මත් කුඩු නිෂ්පාදනය නොකරන දූපතක් වූ මෙරට මත්කුඩු ජාවාරම නැවැත්වීම සඳහා ඕනෑ තරම් හැකියාව පවතින අතර පොලිස් නිලධාරීන්ටද ඒ සඳහා දක්ෂතාව ඇති බව සඳහන් කළේය.
එහෙත් මත්කුඩු ජාවාරම් කරන්නේ දේශපාලකයන් බවත් ඒවා ප්‍රවාහනය කරනු ලබන්නේ දේශපාලනඥයන්ගේ වාහනවලින් බවත් හෙතෙම හෙළි කළේය.
රටේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව තමන් වටකරගෙන මෙම මත්කුඩු ජාවාරම නවතා දෙන්නැයි තමන්ගෙන් ඉල්ලීම් කළ බව ද ඔහු කිවේය.
කිසිදු ආකාරයකින් මත්කුඩු ජාවාරමට තම නායකත්වයෙන් යුතු පවත්වන රජයකින් ඉඩහසර ලබා නොදෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.