මෛත්‍රීපාල සිරිසේනට උප අගමැතිකම?

August 12, 2020 at 4:41 pm | by emanisa.lk

මෙවර මහ මැතිවරණයෙන් මනාප 111,137ක් ලබා ගනිමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානය දිනා ගනු ලැබූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධුරයක් හිමි වුයේ නැත.

එමෙන්ම මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගෙන් කැබිනට් අමාත්‍යධුරයක් සඳහා හිමිකම් ලැබුවේ පරිසර අමාත්‍යධුරයට පත් කරනු ලැබූ අමාත්‍ය මහින්ද අමරවීර පමණි.

එම පක්ෂයේ තවත් ජේෂ්ඨ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ එස්.බී. දිසානායක නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරයෙක් වශයෙන් අද දිනයේදී පත්වීම් ලැබිණි.

ඊට අමතරව ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, දයසීරි ජයසේකර හට රාජ්‍ය අමාත්‍යධුරයන් හිමිවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් වූ රංජිත් සියඹලාපිටිය හටද මෙවර ඇමති තනතුරක් හිමිවූයේ නැත.

කෙසේ වුවද යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට පසු මෛත්‍රීපාල සිරිසේනට නියෝජ්‍ය අගමැති ධුරයක් ලබා දීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි. ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ ඔහු කතානායක ධුරයට පත්කරනු ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස