මෛත්‍රීටයි සජිත්ටයි වඩා මම උගතෙක්! එහෙම නෑ කියලා ඔප්පු කළොත් නගරාධිපතිකම අත්හරිනවා! – කුරුණෑගල නගරාධිපති

July 26, 2020 at 8:44 am | by emanisa.lk

ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසට වඩා අධ්‍යාපන සුදුසුකම් තමාට ඇති බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව පවසයි.

ඔහු පවසන්නේ තමා අට පමණක් නොව සාමාන්‍ය පෙළ ද උසස් පෙළ ද සමතෙකු බවය. තමා අට පේල් නූගතෙකු බවට නලින් බණ්ඩාර සහ දයාසිරි ජයසේකර සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ නලින් බණ්ඩාරගේ නායකයා වන සජිත් ප්‍රේමදාසට සහ දයාසිරි ජයසේකරගේ නායකයා වන මෛත්‍රීපාල සිරිසේනට වඩා අධ්‍යාපන සුදුසුකම් තමාට ඇති බවය.

එසේ නොවන බව ඔප්පු කළහොත් තමා කුරුණෑගල නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු අවධාරණය කරයි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස