බුවනෙක රාජසභාවේ ඇත්ත හෙළිවෙයි! වයඹ පළාත් අධිකරණ සංඝනායක හිමි ජනපති ඉදිරියේ කියයි…

July 26, 2020 at 1:01 am | by emanisa.lk

මහක් ආන්දෝලනයට ලක්වූ කුරුණෑගල නගරයේ පිහිටි ගොඩනැගිල්ල බුවනෙකබා රාජ සභාවක් නොවන බව වයඹ පළාත් ප්‍රධාන අධිකරණ සංඝ නායක පූජ්‍ය රැකව ජිනරතන හිමියෝ පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම සිදුවීම පාදක කරගෙන දේශපාලන මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවයි.

කුරුණෑගල ඇති සියලුම ගොඩනැගිලි පාහේ 1816 පසු ඉංග්‍රීසි ආණ්ඩු කළේ නිර්මාණය වූ ඒවා බවත් මෙම ගොඩනැගිල්ලද එවන් එකක් බවත් උන්වහන්සේ පැවසූහ.

අදාළ ගොඩනැගිල්ල පසු කාලීන බදු දීමෙන් පසු යම් යම් ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගත් බව ද උන්වහන්සේ සඳහන් කළහ. එය බුවනෙක හෝටලයට වීමට පෙර එහි පැවතියේ සමෝදා නම් ව්‍යපාරයක් බව ද එහිමියන් පෙන්වා දුන්හ.

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවකදී එහිමියන් මේ බව ප්‍රකාශ කළේය..

https://www.facebook.com/apikurunegal/videos/737466746987371/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස