මේ වසරේ ලොව හොඳ ම සංචාරක ගමනාන්ත 20 අතරට කොළඹත්…!

January 6, 2022 at 9:22 pm | by emanisa.lk

ගෝලීය වසංගතයෙන් පසු ලොව යළි විවෘත වීමේදී අනිවාර්යෙන් සංචාරය කළ යුතු සිහින ගමනාන්තයන් ලෙස ඇමරිකවේ CNN ප්‍රවෘත්ති සේවාවේ සංචාරක කලාපය වන CNN Travel මගින් මෙම ගමනාන්තයන් හඳුන්වා ඇත.

ඇන්ටිගුවා සහ බාබියුඩා යන කොදෙව් දුපත්, කැනඩාවේ Nova Scotia’s Cape Breton දුපත්, චිලී රාජ්‍ය, ප්‍රංශයේ Dijon, ග්‍රින්ලන්තයේ Disko Bay, කොන්ගෝවේ Gabon ජාතික වනෝද්‍යානය, ජෝර්දානය, ෆින්ලන්තයේ Lahti නගරය, ඕස්ට්‍රේලියාවේ Munga-Thirri-Simpson කාන්තාරය, ඉතාලියේ Naples නගරය, Ollantaytambo පීරු රාජ්‍යය, Orkney දූපත් එංගලන්තය, Oslo නගරය නොර්වේ, Palau දුපත් තයිලන්තය, Penang මලයාසියාව, දකුණු අප්‍රිකාව, St Eustatius නෙදර්ලන්තය, Tulsa ඇමරිකාවේ ඔක්ලොහෝමා, Valencia ස්පාඤ්ඤය, Yellowstone ජාතික වනෝද්‍යාන ඇමරිකාව ඇතුළු මෙම කලාප සමඟ CNN Trave මඟින් කොළඹ කේන්ද්‍ර කොටගත් ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ සටහනක් ද ඉදිරිපත් කර තිබේ.

කොළඹ නගරය ආශ්‍රිතව පවතින පෞරාණික ස්ථාන සහ සංචාරකයන්ට නැරඹිය හැකි ස්ථාන පිළිබඳව එහි සඳහන් කර ඇති අතර කොළඹ ආශ්‍රිතව පිහිටි සංචාරක හෝටල් පිළිබඳවද එහි සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස