ඇන්.ඇම්. හිටියා නම් බැසිල්ට ප්‍රශංසා කරනවා…! මේක ඒ තරම් විශිෂ්ට අයවැයක්…! – ඇමැති චන්ද්‍රසේන…

November 15, 2021 at 5:19 pm | by emanisa.lk

1948ට පසු වඩාත් අභියෝගකාරී තත්ත්වයකට මුහුණ දෙමින් අයවැය ඉදිරිපත් කිරීමට සිදු වූයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට බව ඇමැති එස්.එම්. චන්ද්‍රසේන පවසයි.

යහපාලන සමයේ පාස්කු ප්‍රහාරය සමඟ වාර්ෂිකව ඩොලර් බිලියන 4.5ක් පමණ ලැබුණු සංචාරක කර්මාන්තය බිඳ වැටීම, කොවිඩ් වසංගත තත්ත්වය සමග විදේශ විනිමය ලැබීම් නතර වීම, විදෙස්ගත ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීමට සහ ඒ වෙනුවෙන් වැයබර දැරීමට සිදුවීම, රට කිහිප වරක් වසා දැමීමට සිදුවීම, අපනයන ව්‍යාපාර ඇද වැටීම, එන්නත් සඳහා වියදම් දැරීම සහ ආනයන මිල ඉහළ යාම ආදිය නිසා රටේ ආර්ථිකය ඉතා ම දුෂ්කර අවධියක් පසු කරන බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

ලංකාවේ දක්ෂතම මුදල් ඇමැතිවරයා ලෙස සලකන ආචාර්ය එන්.එම්. පෙරේරා අද සිටියේ නම් මෙම පසුබිමෙහි සාර්ථක අයවැයක් ඉදිරිපත් කිරීම පිළිබඳ බැසිල් රාජපක්ෂට ප්‍රශංසා කරනු ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

ජනතාවට සහන ලබා දීමට ආණ්ඩුව කෙතරම් කැමති වුව ද පවතින යථාර්ථය හමුවේ එය කළ නොහැකි බවත් ඒ පිළිබඳ මැති ඇමැතිවරුන් කනගාටුවට පත්ව ඇති බවත් ඇමැති චන්ද්‍රසේන වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *