මේ පාර්ලිමේන්තුව කැඳවන්න හරි ඡන්ද තියන්න හරි වෙලාවක් නෙමෙයි! – රවී

April 27, 2020 at 1:14 pm | by emanisa.lk

කොරෝනා ව්‍යාප්ති අවධානම හමුවේ සියල්ලට ප්‍රථමයෙන් රටේ සෞඛ්‍ය අංශ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කළ යුතු බව හිටපු අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ, ඊයේ (26) දා පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

“දැන් එළඹිලා තියෙන්නේ කතා කරන අවස්ථාවක් නොවෙයි, මේ බයංකාර තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා සැවොම එකාමෙන් එක්වී වැඩකළ යුතු අවස්ථාවක්. පසුගිය සමයේ  ආරක්ෂාවෙලා තිබුණ කොළඹ වැනි ප්‍රදේශ වලත් මේ වනවිට මේ වෛරසය ව්‍යාප්ත වෙලා තිබෙනවා.

ජනතාවගේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් තමයි මේ ආකාරයට මේ වෛරසය ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ. අද අපිට සටන් කරන්න වෙලා තිබෙන්නේ, පෙනෙන සතුරෙක් සමග නොවෙයි. නොපෙනෙන සතුරෙක් සමඟයි. ඒක වඩාත් භයානකයි.

වයසක්, පාටක් නොමැතිව මේ සතුරා සටන් වදින නිසා අපි වඩාත් කලපනාකාරීව කටයුතු කළ යුතුයි.

කොරෝනා වෛරසය පරීක්ෂා කිරීමට ජංගම ස්ථාන ඇති කළ යුතුයි. ඒ ආකාරයෙන් මෙම වෛරසය මැඩපැවැත්වීඹට කටයුතු කළ යුතුයි.

පාර්ලිමේන්තුව කැඳවීම හෝ ඡන්ද තැබීම නොවෙයි මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ.

රට වෙනුවෙන් සාර්ථක ක්‍රියාමාර්ග ගැනීමයි අත්‍යාවශ්‍ය වෙන්නේ.

පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ කියන්නේ බාරකාර ආණ්ඩුවකුත් අවශ්‍ය නැහැ කියන එකයි.

පාර්ලිමේන්තුව නීත්‍යානුකූල නැතිනම්, බාරකාර ආණ්ඩුවත් නෛතික භාවයෙන් තොරයි කියන නීතිමය තත්ත්වයක් නේද උදා වෙන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස