ඓතිහාසික මුහුදු මහා විහාරයේ පුරාවස්තු විසිරි ඇති අක්කර 30ක භූමි භාගයක් පුරාවිද්‍යා රක්ෂිතයක් සේ ගැසට් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ඊයේ (13) ඉඩම් කොමසාරිස්වරයාට උපදෙස් ලබා දී තිබේ.
“අපට තියෙන්නේ පුරාවිද්‍යා වස්තු තියෙන භූමිය වෙන්කරගමු. වෙරළ සංරක්ෂණ ඉඩම් වෙන්කරගමු. ඉතිරි ඒවා ඕන කෙනෙකුට ගන්න කියමු.” යැයි ඇමතිවරයා එහිදී නිලධාරීන්ට යෝජනා කළේය.
කෙසේ වුවද මෙම යෝජනාවට සමාජමාධ්‍යවල දැඩි විරෝධයක් එල්ල වනු දැකිය හැකිය. එයට මූලික හේතුව මෛ විහාර භූමිය කලින් කලට අන්තවාදීන් ආක්‍රමණය කළ විට එය කුඩා කර නැවත ගැසට් කරමින් කොල්ලකෑ පුරාවිද්‍යා ඉඩම් ආක්‍රමණිකයන්ට නිදහස් කිරීමය.
ක්‍රි.පූ. 2 වැනි සියවස දක්වා දිවෙන ඉතිහාසයක් ඇතැයි විද්වතුවන් පවසන මුහුදු මහ විහාර භූමියට අතීතයේ අක්කර 264ක් හිමි විය. 1951 වසරේ ජනවාරි 26දා ගැසට් පත්‍රයෙන් මෙම ස්ථානය පුරාවිද්‍යා රක්ෂිත භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කළ මුහුදු මහා විහාර රක්ෂිතයට එකල අක්කර 72ක්, රූඩ් 3ක් හා පර්චර්ස් 13ක් අයත් විය.
අනතුතරුව 1965 මැයි 28දා මෙම භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට නැවත ප්‍රකාශයට පත්කරද්දී එය අක්කර 30යි, රූඩ් 3යි පර්චස් 13 කට සීමා වී තිබිණි.
එම අක්කර 30ක ප්‍රමාණය, 1980 දී අක්කර 20ක් ලෙසද, 1990දී අක්කර 15ක් ලෙසද, 2005 වසර වනවිට අක්කර 7ක් ලෙසටද තවදුරටත් සීමා වී ඇත්තේ අන්තවාදීන් විහාර භූමිය දිගින් දිගටම ආක්‍රමණය කිරීම නිසාය.
කෙසේ වුවද මේ වන විට මුහුදු මහ විහාර භූමිය අක්කර 03කට සීමා වී තිබේ. එහෙයින් නැවත 1965 මුහුදු විහාර රක්ෂිතයට අයත් ඉඩම් ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයක් ගැසට් කර විහාර භූමිය ආරක්ෂා කළ හැකි නම් එය ජයග්‍රහණයක් බව බොහෝ දෙනාගේ අදහසයි.