මුස්ලිම් කොරෝනා සිරුරු භූමදානයට ඉඩදෙන්න! – උලමාගෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට නැවතත් ලිපියක්..

May 9, 2020 at 2:04 pm | by emanisa.lk

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ලිපියක් යොමු කර තිබේ.

එහි සඳහන් වන්නේ Covid-19 ආසාදිතව මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ දේහ මිහිදන් කිරීමට අවසර ලබා දෙන ලෙසය.

Covid-19 ව්‍යසනයට එරෙහිව සටන් කරන සෑම සෞඛ්‍ය බලධාරියෙකුගේම සේවය අගය කරන බව ද එම ලිපියේ දැක්වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මග පෙන්වීමත්, ලෝකයේ රටවල් 180ක මෙය ක්‍රියාත්මක වීමත් සලකා මේ පිළිබඳ තීරණය නැවත සලකා බලමින් Covid-19 ආසාදිතව මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ දේහ නිසි ආරක්ෂිත පියවර යටතේ පොලිසියේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් මිහිදන් කිරීමේ අවසරය විකල්පයක් ලෙස ලබා දෙන්නැයි ඉල්ලා සිටින බව ද එම ලිපියෙන් ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස