මිලින්ද ඉන්දීය මහා කොමසාරිස් ධුරයට! කැබිනට් බලතල කතා බොරු!

September 26, 2020 at 7:39 am | by emanisa.lk

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය මත නව රාජතාන්ත‍්‍රික නිලධාරීන් 8 දෙනෙකු පත් කර ඇත.

මෙම පිරිස පත් කිරීම සඳහා එම සභාවේ අනුමැතිය දී ඇත්තේ ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.

එක්සත් ජාතීන්ගේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස සී.ඒ. චන්ද්‍රප්‍රේම, ඉන්දියාවේ මහකොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ, ඇමරිකාවේ තානාපති ලෙස රවිනාථ ආර්යසිංහ, ප‍්‍රංශයේ පන්සිය තානාපති ලෙස ක්‍ෂණිකා හිඹුරේගම, චීනයේ තානාපති ලෙස පාලිත කොහොන, දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් ලෙස එස්. සමරසේකර, ජපානයේ තානාපති ලෙස සජීව ගුණසේකර, ඇෆ්ගනිස්ථානය තානාපති ලෙස හරිස්චන්ද්‍ර සිල්වා පත් කිරීමටඅනුමැතිය ලැබී තිබේ.

මිලින්ද මොරගොඩ ඉන්දියාවේ තානාපතිවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් සංවිධාන ගණනාවක් විසින් ප්‍රසිද්ධියේ විරෝධය පල කළ ද ඔහු අදාළ ධුරයට පත් කර තිබේ. කෙසේ වුවද මොරගොඩට කැබිනට් බලතල ඇති බවට සහ ඔහු ද්විත්ව පුරවැසියෙකු බවට ඇතැම් වෙබ් අඩවිවල සිදුකරන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැත.

ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මිස පිටස්තරයෙකුට කැබිනට් බලතල ලබා දීමේ කිසිදු නෛතික හැකියාවක් නොමැති බව ප්‍රකට නීතීඥයෙක් පෙන්වා දුන්නේය.

අධික වියදම් සහිත පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතුය යන ස්ථාවරයෙහි සිටින මිලින්ද මොරගොඩ ඉන්දීයානු මහ කොමසාරිස් ධුරයට පත්කිරීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස