මිලින්ද මොරගොඩ ඉන්දියානු මහ කොමසාරිස් ධුරයට! නව ධුරයට කැබිනට් බලතලත් දෙයි!

August 28, 2020 at 2:25 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට පත්කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

ඔහුට කැබිනට් බලතල ද හිමි වන බව වාර්තා වන අතර ඉන්දීය ලංකා ද්වීපාර්ශ්වික සබඳතා තවත් ගොඩනැඟීම ‍මෙහි අරමුණය.

මෙරට මහ කොමසාරිස් ධුරයක කටයුතු කරන්නෙකුට කැබිනට් බලතල හිමි වන්නේ ප්‍රථම වතාවටය.

පොදුජන පෙරමුණ 2/3 බලයක් ලබා ගෙන බෙදුම්වාදී පළාත් සභා අහෝසි කර නගර සභා ප්‍රාදේශීය සභා ව්‍යුහය ශක්තිමත් කර බලතල ලබා දිය යුතු බව පසුගිය සමයේ මොරගොඩ දිගින් දිගටම සඳහන් කළේය.

කෙසේ වුවද උඩුවේ ධම්මාලෝක හිමි තමන්ට බාධාකාරී ලෙස සිය පන්සලේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින් අධිකරණයට යාම නිසා ඔහු බෞද්ධයන් අතර අප්‍රසාදයට ලක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස