ඉන්දීය මහ කොමසාරිස්කමට මොරගොඩ පත්කිරීමේ කිසි ම වරදක් නෑ! – මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි

September 5, 2020 at 10:43 am | by emanisa.lk

මිලින්ද මොරගොඩ සිය ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය අත්හැරියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ද පෙර බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි පවසයි.

මිලින්ද මොරගොඩ රාජ්‍ය විරෝධී කටයුතු කළේ යැයි පැවසීමට කිසිදු පදනමක් නොමැති බවත් විකිලීක්ස් පණිවිඩවල මහාචාර්ය ජී.එල්. පීරිස් ද එක්සත් ජනපදය සමග වැඩ කිරීමට සුදුස්සෙකු ලෙස නිර්දේශ කර ඇති බවත් එහිමියන් පෙන්වා දෙයි.

අපේ රටේ පුරවැසියෙකු සිය රට සමග ගනුදෙනු කිරීමට සුදුසු යැයි ඒ රටවල් කියන්නේ නම් එය හොඳ බවත් ඉන්දියාව සමග මැද මාවතේ සිට වැඩ කළ හැකි අයකු එරට මහ කොමසාරිස් ධුරයට පත්කිරීම හොඳ බවත් රාහුල හිමි සඳහන් කරයි.

මිලින්ද මොරගොඩ අදාළ ධුරයේ කටයුතු කරන විට යම් අඩුපාඩුවක් ඇත්නම් දැනගත හැකි වනු ඇති බවත් එසේ නොමැතිව සිදුකරන චරිත ඝාතන වගකිව යුතු භික්ෂුන් වහන්සේලා ලෙස බැහැර කරන බවත් උන් වහන්සේ පැවසූහ.

මෙම පත්කිරීම් සඳහා ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට ඉඩ දී කටයුතු කළ යුතු බව ද රාහුල හිමි අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස