මොරගොඩ තානාපති කිරීමට අපි විරුද්ධයි! ජනාධිපතිතුමා කිව්වට සද්ද නැති ඉන්න බෑ! – වසන්ත බණ්ඩාර

September 3, 2020 at 6:18 pm | by emanisa.lk

ජනාධිපතිතුමා විසින් කරන ලද නව පත්වීම් පිළිබඳව බලපෑම් නොකරන ලෙසට එතුමා විසින් කරන ලද ඉල්ලීමට එකගවිය නොහැකි බව ජාතික සංවිධාන පවසයි.

අද (03) ජාතික සංවිධාන එකමුතුව කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර සඳහන් කළේ යම් පත්කිරීම් පිළිබඳව ප්‍රභල මහජන විරෝධයක් තිබෙන බැවින් ඒවා පිළිබඳව කතා නොකර සිටීමට නොහැකි බවය.

එහිදී ඔහු සඳහන් කළේ මිලින්ද මොරගොඩ ඉන්දියාවේ තානාපති ලෙස පත් කිරීමට එරෙහිව මහජනයාගෙන් සහ මහා සංඝරත්නයෙන් ප්‍රභල විරෝධයක් එල්ලවී තිබෙන බැවින් ඒ පිළිබඳව ජාතික සංවිධානවල මතය කිව යුතු බවය.

මිලින්ද මොරගොඩට ඉන්දියාව සහ ඇමෙරිකාව විසින් චරිත සහතික ලබා දී ඇතත් ජාතික බලවේග ඔහුට එවැනි සහතික ලබා දෙන්නේ නැති බවද ඔහු සඳහන් කරයි.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ 19 වැනි සංශෝධනය මගින් පනවා තිබූ ද්විත්ව පුරවැසි බාධකය 20 වැනි සංශෝධනය මගින් තවදුරටත් තහවුරුකොට එම බාධකය  රජයේ උසස් නිලධාරීන්ටත් පැනවිය යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස