මියගිය පියා හීනෙන් ඇවිත් නිධානයක් ගොඩගන්න කියයි! නිධානය ගොඩගත් පුතා අතරමගදී පොලිස් අත්අඩංගුවට!

September 7, 2020 at 1:21 pm | by emanisa.lk

සිය මිය ගිය පියා හීනෙන් කී පරිදි නිධානයක් ගොඩගත් පුද්ගයකු ගෝනගංආර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බුත්තල ගෝනගංආර පොලිස් බල ප්‍රදේශයේ වගුරුවෙල ප්‍රදේශයේ ඉඩමක් හාරා නිධානයක් ලබා ගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවෙකි.

කලුගලින් සකස් කර තිබූ පුන්කලසක් තුළ ගජමුතු බහා තිබී ඇති අතර සැකකරු එම පුන්කලස බිඳ ගජමුතු ලබාගෙන පුන්කලස මැණික් ගඟට සහ ගජමුතු බහා තිබූ මංජුසාව ප්‍රදේශයේ ඇළ මාර්ගයකට ද විසිකර තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

නිධානය ලබාගෙන, අදාළ ගජමුතු නිවසට ගෙන යන විටම පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනගංආර පොලිස් ස්ථානාධිපතිවරයාට පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරු විසින් ඉඩමක වැසිකිළිවලක් කපන මුවාවෙන් මෙම නිධානය ගොඩගෙන ඇති බවට තොරතුරු අනාවරණය විය.

අත්අඩංගුවට ගත් සැකකරු වගුරුවෙල බුත්තල ලිපිනයේ පදිංචි, 28 හැවිරිදි පුද්ගලයකු වන අතර සැකකරු අද (07) වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස