පුරාවස්තු මංකොල්ල කන්නේ අමු සිංහල බෞද්ධයෝ! එහෙම නැතිව දෙමළ මුස්ලිම් මිනිස්සු නෙමෙයි! – බිමල්

July 2, 2020 at 11:17 am | by emanisa.lk

මෙරට පුරාවස්තු මංකොල්ල කන අයගෙන් 99.9%ක් අමු සිංහල බෞද්ධයන් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පෙන්වා දෙන්නේ දෙමළ හෝ මුස්ලිම් ජනතාව පුරාවස්තු මංකොල්ල කෑමක් සිදුනොකරන බවයි.

ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමිනි.

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඉතාමත්ම ප්‍රතිපත්තිගරුක සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන බවත් ඔවුන් ඕනෑම ආගමකට අංක එකට ඇතුළු කර ගැනීමේ හැකියාවක් පවතින බවත් ඔහු වැඩි දුරටත් එහිදී සඳහන් කළේය.

https://www.facebook.com/iban.battuta/videos/282940099786310/?t=0

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස