කොරෝනා දෙවන රැල්ලේ මිනුවන්ගොඩ පොකුර මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට හැකියාව ලැබී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
මිනුවන්ගොඩින් ආරම්භ වූ කොවිඩ් පොකුරේ ආසාදිතයින් 3106 දෙනෙක් හඳුනාගැනිනි. ඉන් තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 136 දෙනෙකු පමණක් බවත් ඉතිරි සියලු දෙනා මේ වන විට සුවපත් වී ඇති බවත් යුද හමුදාපතිවරයා පැවසීය.
මිනුවන්ගොඩ පොකුර හඳුනා ගන්නා පළමු දින වන විට දහසකට පමණ ආසාදනය වී හඳුනා ගත් බවත් එය ඒ වන විට 2000කට පමණ ආසාදන වී තිබෙන්නට ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.
එවැනි තත්ත්වයක පැවති මිනුවන්ගොඩ පොකුර 3106 දෙනෙකුට සීමා කළ හැකි වූ බව ද හමුදාපතිවරයා පැවසීය.
අද (16) පෙරවරුවේ රූපවාහිනී වැඩසටහන එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.