මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළ කිසිදු ඡන්ද වංචාවක් සිදුවීමට ඉඩක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
“ඡන්ද පොළට පැනලා, පොරෝවලින් ගහලා, පිස්තෝල ඔලුවට තියලා ඡන්දේ දාපුවා තියෙනවා. දැන් කවුරුත් ඒවා කරන්න එන්නේ නෑ.“ යනුවෙන් කොමිසමේ සභාපතිවරයා පැවසීය.
“අපි පොලිස් නිලධාරීන්ට කියලා තියෙනවා, තුවක්කු දීලා දත් මදින්න නොවෙයි බුරුසුවලින් වගේ කියලා“ යනුවෙන් ද සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
“ඡන්ද පෙට්ටි මාරු කරනවා“ යන මතවාදය මිත්‍යාවක් බව ද මෙවර මැතිවරණය තුළ එවැනි සිදුවීම්වලට කිසිදු ඉඩක් නොමැති බව ද ඔහු කියා සිටියේය.
ඊයේ පැවති මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.