මැතිවරණ කල් දැමූ කිසිවකු සුගතියක් වුණේ නෑ! ජනතාව ආණ්ඩුව පරාජය කිරීමට ඇඟිලි ගණිනවා!

April 7, 2019 at 5:58 pm | by admin

අප්‍රේල් මස 08 දින වන විට දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන් වන බවත් අප්‍රේල් මස 20 වන දින වන විට බස්නාහිර පළාත් සභාවේ කාලය අවසන් වන බවත් අප්‍රේල් අවසන් වන විට පළාත් සභා නවයකකින් අටක නිල කාලය අවසන් වී ඇති බවත් හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ජී. එල්. පීරිස් පවසයි.

මේ හේතුව නිසා පළාත් සභා කාර්ය සියල්ල අකර්මන්‍ය වී තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය. පළාත් සභා ඡන්ද නොපවත්වන්නේ ආණ්ඩුව අන්ත පරාජයක් ලබන බව දන්නා නිසා බවද ඔහු කියා සිටියේය.

වත්මන් රජය පරාජය කිරීම සඳහා ජනතාව පුල පුලා බලා සිටින බව සඳහන් කළ ජී එල් පීරිස් මැතිවරණ කල්දැමූ කිසිම අයෙකුට සුගතියත් ඇති නොවන බවත් එවන් පිරිස් හට ජනතාව මීට පෙර පාඩම් කියා දී තිබෙන බවත් අවධාරණය කළේය.

සියම් මහා නිකායෙ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උපප්‍රධාන සංඝනායක ශ්‍රී රාහුල හිමියන් අද (07) දින බැහැ දැකීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටප අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස