ජනාධිපතිවරණයට පෙර පළාත් සභා! ජනපති මැකො සාකච්ඡා සූදානම්!

July 15, 2019 at 2:43 pm | by emanisa.lk

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවට ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කර ඇති ප්‍රකාශයක් පදනම් කරගෙන ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලයේ දිගුවක් ඉල්ලීමට නොහැකි බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නීති උපදේශකයන් ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක් සඳහා පිටත්ව යෑමට පෙර දැනුම්දීමත් සමඟ මෙලෙස ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස