මා සහ බිරිඳ නිරෝදාෂයි….! විමර්ශනයක් කර එය තහවුරු කරන්න…! – තිරුකුමාර්ගෙන් ජනපතිට ලිපියක්….

October 6, 2021 at 3:10 pm | by emanisa.lk

තමන් සම්බන්ධයෙන් පැනඩෝරා පත්‍රිකාවල සඳහන් කාරණා ගැන විමර්ශනයක් කරන්නැයි හිටපු නියෝජ්‍ය ඇමතිනි නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාරන් නඩේෂන් ඉල්ලයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඔහු මෙම ඉල්ලීම කර තිබේ.

ස්වාධීන විමර්ශන නිලධාරියෙකු හරහා මෙම විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටින ඔහු ඒ සඳහා තම උපරිම සහාය ලබා දෙන බව ද සඳහන් කරයි.

මෙම චෝදනා හේතුවෙන් තමන්ට සහ තම බිරිඳ දැඩි මානසික පීඩාවකින් සිටින බවත් ඉන් මිදීම සඳහා පරීක්ෂණවලින් තමන් නිවැරැදි බව තහවුරු කිරීමට අවශ්‍ය බවත් සඳහන්ය.

තමන් සහ තම බිරිද සම්පූර්ණයෙන්ම නිර්දෝෂී බවත් කිසිදු වරදකට වරදකරු නොවන බවත් සහතික කර ප්‍රකාශ කර සිටින බවත් ඔහු එම ලිපියෙන් තව දුරටත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස