පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් ලාංකිකයින් පිළිබඳ වහාම වාර්තාවක් දෙනු…! – ජනපතිගෙන් අල්ලස් කොමිසමට නියෝග…

October 6, 2021 at 10:40 am | by emanisa.lk

පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (06) උදෑසන අල්ලස් කොමිසමට නියෝග කරතිබේ.

මාසයක් තුළ එම වාර්තාව ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කර ඇත.

රාජපක්ෂ පවුලට ඥාතීත්වයක් ඇති නිරූපා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරූ නඩේසන්ගේ නම ද පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වෙයි. ඈ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පියාගේ සොහොයුරෙකු වන ඩී.එම්.රාජපක්ෂගේ පුතකු වන ජෝර්ජ් රාජපක්ෂගේ දියණියකි.

මේ පිළිබඳ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක තබා ඇති සටහනක් මෙසේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *