තිරූ නඩේසන් පරම්පාරවෙන් ප්‍රකෝටිපතියෙක්…! පැන්ඩෝරා කියනවටත් වඩා සල්ලි එයාට තියෙනවා…! තිරූගේ සල්ලි පෙන්නලා රාජපක්ෂලට ගහන්නේ රැල්ලට යන මෝඩයෝ…! – උවිඳු…

October 6, 2021 at 7:56 am | by emanisa.lk

මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය විසින් තබන ලද ෆේස්බුක් සටහන් දෙකක් පහත දැක්වෙයි.

“ඔය ICIJ එකේ පැන්ඩෝරා පේපර්ස්වල​ පෙන්නනෙ තිරූගෙ ඔක්කොම සල්ලි නෙමෙයිනෙ. ඔය කමිෂන් ඇග්‍රීමන්ට්වලින් හම්බකරපු සල්ලි නෙ.

එයාට සීයගෙන් ලැබිච්ච ගෙයක් එක්ක අක්කර එකහමාරක් තියෙනව බාන්ස් ප්ලේස් එකේ, තාත්තගෙන් ලැබිච්ච අක්කර බාගයක් සහ ගෙයක් තියෙනව හෝර්ටන් ප්ලේස් එකේ. ඒ ගෙවල් දෙක නැතිව ඒ ඉඩම් දෙක විතරක් ගත්තත් 8,000 මිලියන් විතර වෙනව​.

පොරට කුරුඳුවත්තෙ විතරක් ගෙවල් පහක් තියෙනව​. යාපනයෙ කුඹුරුත් එක්ක ගෙවල් 6ක් තියෙනව​. මම දන්න විදියට ලෝකෙ තාර බිස්නස් කරන බිස්නස්කාරයෙක්. තව ලෝකෙ හෝටල් එහෙමත් තියෙනව​. ඒ මහින්දල ආපදා ණය අරන් ඡන්ද කරන්නත් ඉස්සර​. මේව ඩික්ලෙයාර් කරලද කියල හොයන එකත් ගවේශණය කරන අයගෙ වගකීමක්.”

“හොඳ රාජපක්‍ෂ විරෝධයක් නම් ඇවිල්ල තියෙනව මේ නිරුපමා-තිරු කේස් එක නිසා. ඒත් මේ දක්වා පැන්ඩෝරා පේපර්ස්වලින් එලියට දාල තියෙන ඒවගෙන් නම් රාජපක්‍ෂලට ගහන්න බැහැ.

එහෙම ගහන අය බයියන්ටත් අන්තයි. ඒ කියන්නෙ ICIJඑක පල කරපු කිසිම දෙයක් නොකියවල රැල්ලට යන ගොන්නු. අපි විශ්වවිද්‍යාල කාලෙ ජෙප්පොන්ට අපි කියන්නෙ රැල්ලො කියල​, මොකද උන් ඔහේ උන්ගෙ නායකයො කියන විදියට වැඩකරන නිසා. [මම මේ කියන්නෙ දැන් ජවිපෙ ගැන නෙමෙයි]

තව ඉස්සරහට වෙන දේවල් බලනව ඉස්සෙල්ල​, නිකන් රැල්ලට යන්නෙ නැතිව​. අඩුගානෙ කියවනව ඒවගෙ තියෙන්නෙ මොනවද කියල​! ප්‍රශ්න ගොඩක් තියෙනව උත්තර හොයන්න​, ඒත් රාජපක්‍ෂලව තාම ගාවන්න බැහැ ඒවට දැනට තියෙන කරුණු උඩ​.

ඉස්සරහට කතාව ලොකු වෙයි. එතකොට ගහනව ඉවසල ඉඳල. මේවට “පැන්ඩෝරා පේපර්ස්” කියල දාල තියෙන්නෙත් හේතුවක් ඇතුව​. ඉස්සර වගේ නෙමෙයි. අඩු ගානෙ පැන්ඩෝරා බොක්ස් කියන එකේ තේරුමවත් දැනගෙන​, උදව් කරන්න දන්න දන්න ඔක්කොමල​.

අනික රාජපක්‍ෂල තිරුගෙ එකවුන්ට්වල සල්ලි දාන්න තරම් මෝඩයො නෙමෙයි, තිරුගෙනුත් සල්ලි කීයක් හරි කඩා ගත්තොත් මිසක​.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *