ඉහළ නියෝග අනුව සැකකරු මරා නොදැමූ නිසා කොළඹ පොලිස් ලොක්කට දඬුවම් මාරුවක්!!!

March 7, 2019 at 5:26 pm | by admin

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට මාරු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

මීට සතියකට පමණ පෙර හෙරෙයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මරා දමන ලෙස උසස් පොලිස් නිලධාරියකු උපදෙස් දුන් බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා සටහන් දමා තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම නියෝගය ක්‍රියාත්මක නොකළ නිසා ඔහු ස්ථාන මාරු කරන බවට උසස් පොලිස් නිලධාරියකු තර්ජනය කළ බව ද කියැවේ.

ඔහුගේ ස්ථාන මාරු නියෝගයේ සඳහන් කර ඇත්තේ සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු කරන බවයි.

එහෙත් නෙවිල් සිල්වා මහතා ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අවසර ගෙන නැතැයි එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *