මාවනැල්ලේ බුදු පිළිම දෙකකට නැවතත් ප්‍රහාරයක්..! නගරයට යුද හමුදා සහ පොලිස් ආරක්ෂක බලඇනි….!

December 29, 2020 at 8:18 pm | by emanisa.lk

මාවනැල්ල හිඟුල ප‍්‍රදේශයේ කොළඹ නුවර මහා මාර්ගය අසල ඇති බුදු මැදිරේ ඉදිපස වීදුරුවට පහර දී අලාභ හානි සිදු කර ඇති බව මාවනැල්ල පොලිසිය කියයි.

මෙම හේතුවෙන් නගරයේ ස්ථාන කිහිපයකට පොලිස් හා හමුදා බාධක යොදා ඇත. මෙම පහර දීම කිසියම් අන්තවාදී පිරිසක් විසින් සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි. මෙයට වසර දෙකකට පෙර ද මෙම බුදු මැදුරට පහර දි අලාභානි සිදු කර තිබුණි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාවනැල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

එමෙන්ම මාවනැල්ල පොලිස් බල ප‍්‍රදේශයේ අලුත්නුවර නගරයේද බුදු පිළිමයක ඉදිපස වීදුරුවකට ද පහර දී හානි සිදු කර ඇත. ප‍්‍රදේශවාසීන් පවසන අන්දමට මීට දින තුනකට කලින් රාත‍්‍රී කාලයේ මෙම බුදු මැදුරේ වීදුරුවට පහර දීම සිදු වී ඇති බව ද ප‍්‍රදේශවාසීහු පවසති.

පොලිසිය විසින් මෙම ප‍්‍රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් කට උත්තර සටහන් කර ගෙන ඇති අතර අද එම ප‍්‍රදේශයේ සි.සි.ටි.වි කැමරා පද්ධති කිහිපයක් ද නිරීක්ෂණය කිරීමට සූදානමින් සිටින බව ද වාර්තා විය.

මෙම සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණි සබරගමු පළාත් හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී උපුල් ශාමල් බණ්ඩාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පැවසිය.

“ගිය පාරත් මාවනැල්ලේ මේ වගේ සුළු සිද්ධියකින් තමා පටන් ගෙන බොහෝ දුර මේක ගියේ. අපි මේ ප‍්‍රදේශයේ ජීවත් වෙන අය විදිහට අපිට දැනෙන දේ තමා මේ සිද්ධිවලට අදාළ ප‍්‍රධාන කණ්ඩායම තාම නිදැල්ලේ සැරිසරනවා.

මේ අල්ලා ගෙන ඉන්නේ කොහාටවත් නැති අතරමැදියෝ පිරිසක්. ඒ ප‍්‍රධාන අය අරගත්තේ නැති නිසා තමයි මං හිතන්නේ මේ බිම් මට්ටමේ ඒ ගොල්ලෝ ක්‍රියාකාරීව ඉන්නවා. මේකෙන් වෙන්නේ සියලු ම සාධාරණ සිංහල මුස්ලිම් දෙගොල්ලටම ලොකු සමාජ ප‍්‍රශ්නයක් මෙන්ම සමාජයේ භීතියක් මේ හරහා සිදු වෙනවා. ඒ නිසා කවුරු වුණත් කමන් නැහැ මේකට අදාළ මේකේ ඉන්න අන්තවාදී ක්‍රියාකාරි පිරිස ඉක්මනින්ම අත්තඩංගුවට ගත්තේ නැත්තම් මේක තවත් දුරදිග යන්න පුළුවන් ලොකු ප‍්‍රශ්නයක් වෙන්න ඉඩ තියනවා.”

මාවනැල්ලේ එක දිගට ම සිද්ධීන් කිහිපයක් ම වාර්තා විය. ඒ අතරේ තාමත් සොයා ගැනිමට නොහැකි වු මාවනැල්ලේ ගල්කොරියේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනිමට ආරක්ෂා කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ ආරම්භ කර ඇත. සහරාන්ගේ ක‍්‍රීයාකාරකම් ආරම්භය සිදු වු බුදු පිළිම කැඩිම 2018 වසරේ මුල ආරම්භය සිදු වන්නේද මාවනැල්ල ප‍්‍රදේශයෙන් වන නිසා මේ පිළිබඳව රටේ සියලු ම වගකිව යුතු අංශවල විශේෂ අවදානය ඒ වෙත යොමු විය යුතුව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස