නිධානයකින් ගත් මැණික් බුදු පිළිමය බොරු එකක්! මිලට ගත් පුද්ගලයා පපුව පැලී මැරෙයි!

December 25, 2020 at 5:10 pm | by emanisa.lk

නිධානයකින් ලබාගත් බව කියන භාණ්ඩ කිහිපයක් රුපියල් ලක්ෂ 5කට මිලදීගත් පුද්ගලයකු ඒම භාණ්ඩ ව්‍යාජ යැයි දැනගත් පසු ඇති වූ කම්පනයෙන් මියගියේ යැයි කියමින් ඔහුගේ මව පැමිණිලි කර ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි.

එම පැමිණිල්ල අනුව, නිධානයකින් ගත්තේ යැයි කියමින් ව්‍යාජ ලෙස සකසා තිබු මැණික්ගල්, සෙම්බුවක් සහ බුදුපිළිමයක් මුදලට රැගෙන එය ළඟ තබාගෙන සිටි එක් පුද්ගලයෙක් පිටිගල ප්‍රදේශයේදී අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.

නිධානයකින් ලබාගත්තේ යැයි කියමින් යම් පුද්ගලයින් පිරිසක් විසින් මෙම භාණ්ඩ , අත්අඩංගුවට පත් පුද්ගලයාට සහ තවත් දෙදෙනකුට රුපියල් 1,250,000 ක මුදලකට අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ ද එම භාණ්ඩ මිලදී ගැනීම සඳහා මුදල් යෙදවු තිදෙනාගෙන් ඇල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු බව පැමිණිල්ලේ සඳහන් බව පොලීසිය කියයි.

සැකකරු අද (25) පස්වරුවේදී ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *