ළමුන්ට බරක් වී ඇති පහේ ශිෂ්‍යත්වය අහෝසි කරනවා! – ජනපති (video)

March 25, 2019 at 9:16 pm | by admin

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. දරුවන් අතර සුපිරි පාසල් සඳහා තරඟයක් ඇති කිරීම නොව විය යුත්තේ සෑම පළාතකම හොඳ පාසල් ඇති කිරීම බව ද එය පාර්ලිමේන්තු සහ පළාත් සභා මැති ඇමතිවරුන්ගේ වගකීමක් බව ද ජනාධිපතිවරයා පැවසීය.

දරුවන්ට විශාල මානසික බරක් බවට පත්ව ඇති මෙම විභාගය අහෝසි කළ යුතු බවට සමාජ මතයක් නිර්මාණය වී තිබේ. එම විභාගය මගින් දරුවන්ට ලැබෙන දෙයට වඩා අහිමි වන දේ වැඩි බව ඔවුන්ගේ අදහසය. එය අද වන විට දරුවන්ගේ නොව අම්මාගේ විභාගයක් බවට පත්ව ඇතැයි ඔවුහු චෝදනා කරති. ළමුන්ට සිය ළමා කාලය අහිමි කරමින් දවස පුරා අතිරේඛ පන්තිවලට කොටු වීමට සිදුව තිබේ. විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන 88%ක් සිසුන් ශිෂ්‍යත්ව විභාගය අසමත් අය බව ද සමීක්ෂණයක දී අනාවරණය වී තිබේ.

මෙම විභාගය අහෝසි කිරීමට කටයුතු කරන බව මීට පෙර අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ද ප්‍රකාශ කර තිබූ අතර ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ ද ඊට එකඟතාව පළ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (25) පොළොන්නරුවේ පැවැති උත්සවයකදී මේ පිළිබඳ සඳහන් තිබේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *