මහර රැඳවියන් කුපිත කළ වෛද්‍යවරයා ජවිපෙ?

December 3, 2020 at 8:39 am | by emanisa.lk

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම පිළිබඳ විමර්ශනය කරන බුද්ධි අංශ එහි සේවය කළ එක් වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

ඒ මෙම වෛද්‍යවරයා කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සිරකරුවන් අතර අනවශ්‍ය භීතිකාවක් මතුකර ඔවුන් කුපිත කිරීමට කටයුතු කළ බවට ලැබී ඇති තොරතුරු නිසා ය.

එසේ ම මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධ පෙති 21 000ක් සිරකරුවන් 3000ක් පමණ සිටි මහර බන්ධනාගාරයේ ගබඩා කර තැබීම සහ ඊට සම්බන්ධ පාර්ශ්ව පිළිබඳව ද විමර්ශන අරඹා තිබේ.

මෙම රැඳවියන් කුපිත කිරීමට සම්බන්ධ වෛද්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ක්‍රියාකාරිකයෙකු බව සමාජමාධ්‍ය පළ වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *