මහර චණ්ඩින්ගේ ඉලක්කය වූණේ අවි ගබඩාව! ගැටුමට මුල් වුණ රැඳවියන්ට කොරෝනා ප්‍රශ්නයක් තිබ්බේ නෑ! – බන්ධනාගාර අධිකාරී….

December 4, 2020 at 11:55 pm | by emanisa.lk

මහර බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරුණු කණ්ඩායමේ ඉලක්කය වූයේ බන්ධනාගාර අවි ගබඩාව බවත් එය ඔවුන් අතට පත්විණි නම් සිදුවිය හැකිව තිබූ විනාශය අති විශාල බවත් එහි අධිකාරී ජගත් වීරසිංහ පවසයි.

මේ ගැටුමට මුල් වූ කණ්ඩායම් රඳවා සිටි වාට්ටුවලට කොරෝනා සම්බන්ධ කිසිම ගැටළුවක් නොතිබූ බවත් කොරෝනා ආසාදිතයන් රඳවා සිටියේ වෙනත් වාට්ටුවක බවත් ඔහු අවධාරණය කරයි.

එසේ ම මෙම ගැටුමට මුල් වූයේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ කණ්ඩායම් බවත් වාට්ටු බිඳගෙන එළියට පැමිණි ප්‍රතිවිරුද්ධ පාතාළ කල්ලි අතර ගැටුම් ඇති වූ බවත් සඳහන් කරයි.

කඳුලු ගෑස්, රබර් උණ්ඩ භාවිත කර පිරිස පාලනය කළ නොහැකි වූ අවස්ථාවේ දණ හිසෙන් පහළට වෙඩි කිහිපයක් එල්ල කරන ලෙස සිය නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ප්‍රධාන ගෙට්ටුව ආරක්ෂා කරගත හැකි වූයේ එමගින් බවත් ඔහු හෙළි කරයි.

බුද්ධි හා මෙහෙයුම් – බන්ධනාගාර කොමසාරිස් තුසිත උඩුවර සඳහන් කළේ මෙම ගැටුමේ දී ආරක්ෂක අංශ වෙඩි තැබීමෙන් කිසිවෙකු මිය නොගිය බවයි. එසේ ම ඝාතනය වී ඇත්තේ ගැටුමට සම්බන්ධ වූ විරුද්ධ කල්ලි දෙකක සාමාජිකයන් බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *