මහජන විරෝධය නොතකා කටුපොල් වගාව ප්‍රචලිත කිරීම සඳහා මැදිහත් වන විද්වතුන් යැයි කියා ගන්නා පිරිසක් කටුපොල් තහනම් කිරීමේ අමාත්‍ය මණ්ඩල තීන්දුව ආපසු හැරවීම සඳහා ඉදිරිපත් වන බව වාර්තාවේ.
ඒ සඳහා ආණ්ඩුවට බලපෑම් කිරීම සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යොදාගෙන ඇති බව ද වාර්තාවේ.
එම රැස්වීම අද (07) දිනයේ අගමැති කාර්යාලයේදී පැවැත්වෙන බවද වාර්තා වේ.
කටුපොල් වගාව නිසා ජල උල්පත් සිඳී යාම, හිදිසි ගං වතුර, විෂ රසායනික පරිසරයට එකතු වීම ඒ වගා ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවගේ දැඩි විරෝධයට හේතු වී තිබේ.