මම හිඟා කාලා හරි හෝමාගම ක්‍රිකට් පිටිය හදනවා! – බන්දුල

May 29, 2020 at 4:28 pm | by emanisa.lk

ගත වූ තෙමසක කාලය තුළ කොරෝනා පාලනය සම්බන්ධයෙන් විදේශ රාජ්‍යයන් සහ ආයතන ලබාදුන් පරිත්‍යාග පිළිබඳ වාර්තාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්කර තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ ඇතැමුන් ප්‍රකාශ කරන පරිදි විශාල මුදලක් ආධාර වශයෙන් ලැබී නොමැති බවය.

මේ අතර හෝමාගම ප්‍රදේශයේ අක්කර 26 ක භූමි ප්‍රදේශයක ඉදිකිරීමට අපේක්ෂිත ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය රජයේ හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් වියදම් කිරීමෙන් තොරව කෙසේ හෝ ඉදිකරන බවද හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස