ලංකාවට තවත් ක්‍රිකට් ක්‍රීඩාංගන ඕන නෑ! මහේලගෙන් ආණ්ඩුවට ප්‍රහාරයක්!

May 18, 2020 at 10:08 am | by emanisa.lk

ලංකාවේ දැනට පවතින ක්‍රිකට් ක්‍රීඩාංගනවල ප්‍රමාණවත් මට්ටමින් ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් තරඟ නොපැවැත්වෙන බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි.

එහෙයින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීිඩාංගන ලංකාවට උවමනා දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

හෝමාගම ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පවසා තිබේ.

කෙසේ වුවද ඉදිවන්නේ ලංකාවේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය බවත් ක්‍රිකට් ක්‍රීඩාංගනය එම සමස්ත සැලැස්මෙහි එක් කොටසක් පමණක් බවක් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස